හිිටපු අමාත්‍ය මර්වින් සිල්වා මහතාට එරෙහිව අල්ලස් හෝ දූෂණ විමර්ශණ ඒකකයට පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමට එක්සත් ජනතා නිදහස් සන්ධානයේ බස්නාහිර පළාත් සභා මන්ත්‍රී සිසිර ජයකොඩි මහතා කටයුතු කර තිබේ.
2007 වසරේදී කැළණිය ආසන සංවිධායක ධුරයට පත්වීමෙන් අනතුරුව පිබිදෙන කැළණිය වැඩසටහන සඳහා එකතු කළ මුදල් අයථා ලෙස භාවිත කිරීමේ සිදුවීමක් හා තවත් සිදුවීම් කිහිපයක් මුල් කරගනිමින් මර්වින් සිල්වා මහතාට එරෙහිව සිසිර ජයකොඩි මහතා පැමිණිලි ඉදිරිපත් කර තිබේ.
එසේම කැළණිය විශ්ණු දේවාල පෙරහර සඳහා කිරිබත්ගොඩ වෙළඳ සංගමයෙන් මුදල් එකතු කළ බවත් එහිදී එකතු වූ රුපියල් මිලියන 40කට අධික මුදලක් අයථා ලෙස භාවිත කර ඇති බවත් සිසිර ජයකොඩි මහතා සඳහන් කරයි.