නාවුල-ප්රාදේශීය සභාවේ හිටපු ප්රාදේශීය සභා මන්ත්රීවරයෙකු වූ පියල් දසනායක යන අය පැහැරගෙන යාමේ සිද්ධිය සම්බන්ධව රක්ෂිත බන්ධනාගාරයේ රඳවා තබා යළි අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලද සැකකරුවන් පස්දෙනා මෙම මස (24දා) දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට මාතලේ මහේස්ත්රාත් සහ අතිරේක දිසා විනිසුරු සම්පත් ගමගේ මහතා විසින් නියෝග කරනු ලැබීය.
මෙදින හඳුනා ගැනීමේ පෙරට්ටුවක් කැඳවීමටද මහේස්ත්රාත්වරයා නියෝග කළේය.
මාතලේ එම්.ඩබ්.සෝමරත්න