පාර්ලිමේන්තු මන්ත්රීවරුන්ගේ පැමිණීමේ නාමලේඛනය මැයි 01 වැනිදා සිට ප්රසිද්ධ කිරීම සඳහා පාර්ලිමේන්තුවේ අනුමැතිය ලැබිණි.
අද (06දා) බොහෝ ඇමතිවරුන් පාර්ලිමේන්තුවට පැමිණ නොමැති බැවින් විපක්ෂයේ මන්ත්රීවරුන් ඒ පිළිබඳව විරෝධය පළකළ අතර, කථානායක කරු ජයසූරිය මහතා සඳහන් කළේ නාමලේඛනය ප්රසිද්ධ කිරීම සම්බන්ධව මන්ත්රීවරුන්ගේ විරෝධයක් තිබෙනවා දැයි විමසිය යුතු බවයි.
අනතුරුව මන්ත්රීවරුන්ගේ අදහස විමසීමේදී සියලු දෙනා එයට එකඟත්වය පළකළහ. සභා නායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා සඳහන් කළේ මන්ත්රීවරුන් 25 දෙනෙකු විදේශගත වී සිටින බවයි.