පසුගිය ජනාධිපතිවරණ සමයේදී පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතාගේ කහවත්ත ප්‍රදේශයේ රැලියක් සරසමින් සිටි ආධාරකරුවන් පිරිසකට වෙඩි තබා පුද්ගලයෙකු ඝාතනය කිරීමට සැකපිට අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි රත්නපුර දිස්ත්‍රික් (එජනිස) පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමලාල් ජයසේකර මහතා රුපියල් ලක්ෂයක මුදල් ඇපයක් හා ලක්ෂ 05 ක බැගින් වූ ශරීර ඇප 02 ක් මත මුදාහරින ලෙස පැල්මඩුල්ල මහේස්ත්‍රාත් දිනේෂ් ලක්මල් පෙරේරා මහතා අද (10දා) නියෝග කළේය.
එසේම සෑම මසකම ඉරු දිනයන් වලදී කොළඹ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පෙනී සිටින ලෙසත්, විදේශ ගමන් තහනම් වන බවත්, ගුවන් ගමන් බලපත්‍රයක් තිබේනම් එය අධිකරණයට බාරදිය යුතු බවත් මහේස්ත්‍රාත්වරයා විසින් නියෝග කරනු ලැබීය. එසේම ශරීර ඇප තැබීමේදී පවුලේ ළඟම ඥාතීන් දෙදෙනෙකු ඒ සඳහා ඉදිරිපත් කළ යුතු බවද ප්‍රකාශ කෙරිණි.
නිවිතිගල හසලක / මලිති පෙරේරා