මාදිවෙල පාර්ලිමේන්තු මන්ත්රී නිවාස සංකීර්ණය ඩෙංගු මදුරුවන් බෝකරන ගොවිපොළක් බවට පත්ව ඇති බවත්, ඩෙංගු උවදුර මර්දනයට බලධාරීන් කිසිදු පියවරක් නොගන්නා බැවින් කථානායකවරයාට පැමිණිල්ලක් ඉදිරිපත් කළ බවත් පාර්ලිමේන්තු මන්ත්රී රංජිත් සොයිසා මහතා ‘අද’ ට පැවසීය.
අදාළ ප්රදේශයෙන් මේ වනවිට ඩෙංගු යැයි සැකකරන රෝගීන් 15 දෙනෙකු පමණ හඳුනාගෙන ඇති බවත්, තම බිරිඳට සහ දරුවාටද ඩෙංගු රෝගය වැලඳී රෝහල්ගත කර ඇති බවත් මන්ත්රීවරයා සඳහන් කළේය.
කැළිකසළ බැහැර කිරීමේ අවිධිමත් තත්ත්වය මෙයට හේතුව බවත්, මේ සම්බන්ධයෙන් අදාළ අංශ දැනුවත් කළද පළක් නොවූ බැවින් මෙසේ කථානායකවරයාට පැමිණිලි කළ බවත් රංජිත් සොයිසා මහතා පැවසුවේය.
මාදිවෙල පිහිටි මෙම පාර්ලිමේන්තු නිවාස සංකීර්ණය නිවාස 225 කින් සමන්විත වන අතර, එම නිවාස නඩත්තු කරන්නේ පාර්ලිමේන්තුවේ නඩත්තු අංශය විසිනි. මන්ත්රීවරුන් ඇතුළුව 1000කට අධික පිරිසක් මෙම නිවාසවල ජීවත් වන බව වාර්තා වේ.