20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලැබීම පිළිබඳ සතුටු වුවත් පාර්ලිමේන්තුවේ මන්ත්‍රී ධූර සංඛ්‍යාව 225 ක් ලෙස තබාගනිමින්, සහ කේවල ඡන්ද කොට්ඨාස 125කට සීමා කිරීම සුඵ දේශපාලන පක්ෂ සදහා ඇති ඉඩකඩ අහුරා දැමීමක් බව කැෆේ සංවිධානය පවසයි.
මෙරට සියලු දේශපාලන පක්ෂ සහ කණ්ඩායම් හි නියෝජනයක් පාර්ලිමේන්තුව තුළ තහවුරු කිරීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී සංඛ්‍යාව 225ක මට්ටමේ පවත්වා ගැනීම කිසිලෙසකින් හෝ ප්‍රමාණවත් නොවන බවද මැතිවරණ ක්රමයේ සංශෝධන පිළිබඳ පලමු ලියවිල්ල සකස් කිරීමේදී පවා මන්ත්‍රී ධූර සංඛ්‍යාව 234 හෝ 235 ලෙස සඳහන් වූවේ එබැවින් බවද නිවේදනයක් නිකුත්කරමින් එම සංවිධානය පවසයි.
එජාප නායක අගමැති රනිල් වික්‍රමසිංහ මහතා විසින් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරනු ලැබූ කොට්ඨාස 125 ක් හා මන්ත්‍රී ධූර 225 ක් ක්‍රමය විසින් ප්‍රධාන අර්බුද තුනක් ඇති බවද ඒවානම් කොට්ඨාස 125 කට සීමා නිර්ණය කිරීම සඳහා ඉතා විශාල කාලයක් අවශ්‍යවීම, සුළු ජාතික නියෝජනය තහවුරු කිරීම සඳහා ප්‍රමාණවත් බහු ආසන ස්ථානය කළ නොහැකිවීම, උතුරු නැගෙනහිර පළාත් හි සිංහල නියෝජනය (වව්නියාව, සේරුවිල හා අම්පාර වැනි) සේම උතුරු නැගෙනහිරින් පිට දෙමළ මුස්ලිම් නියෝජනය කොට්ඨාස මට්ටමින් තහවුරු කළ නොහැකිවීම යන්න කැෆේ සංවිධානය අවධාරණය කරයි.