රෝගී තත්ත්වයෙන් පසුවන පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා මහතාට විදේශගත වී ප්‍රතිකාර ලබාගැනීම සඳහා මාස එකහමාරක කාලයකට රටින් පිටව යාමට කොළඹ මහාධිකරණය අද (13දා) අවසර ලබාදුන්නේය.
දුමින්ද සිල්වා මහතාට ප්‍රතිකාර ලබාගැනීමට විදේශගත වීම සඳහා ඔහුගේ විදේශ ගමන් බලපත්‍රය මුදාහරින්නැයි නීතිඥ අනුජ ප්‍රේමරත්න මහතා කළ ඉල්ලීම පිළිගනිමින් කොළඹ මහාධිකරණ විනිසුරු ලලිත් ජයසූරිය මහතා එලෙස අවසර ලබාදුන්නේය.
භාරත ලක්ෂ්මන් ඝාතන සිද්ධියට අදාළව රිමාන්ඩ් භාරයේ පසුවන දුමින්ද සිල්වා මහතාට ඇප ලබාදීමේදී අධිකරණයේ අවසරයකින් තොරව විදේශගත වීම තහනම් කරමින් ඔහුට කොන්දේසියක් පනවා ඇති අතර, ඔහුගේ විදේශ ගමන් බලපත්රයද අධිකරණ භාරයට ගෙන ඇත.
මේ අනුව නීතිඥවරයා කළ ඉල්ලීම පිළිගත් මහාධිකරණය, දුමින්ද සිල්වා මහතා වෙත විදේශ ගමන් බලපත්‍රය මුදාහරින ලෙස නියම කළ අතර, විදේශගතව පැමිණීමෙන් අනතුරුව විදේශ ගමන් බලපත්‍රය යළි අධිකරණයට භාරදෙන ලෙසද නියම කළේය.