මන්ත්‍රීවරුන්ගේ අමාරුකම ගැන කතා කරන අග්‍රාම්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු ආණ්ඩුවට ජනතාවගේ අමාරුකම නොතේරෙන බවත්, මේ නිසා වර්තමාන ආණ්ඩුව බොනපාට්වාදී පාලනයක් ගෙන යමින් සිටින බවත් ජනතා විමුක්ති පෙරමුණ සඳහන් කරයි.
ජනාධිපතිවරයා හා අගමැතිවරයා විසින් ගෙන යන මෙම බොනපාට්වාදී පාලනය තුළ ජනතා ප්‍රශ්න යට ගසමින් ජනතා විරෝධී ක්‍රියාමාර්ග මර්ධනය කරමින් කටයුතු කරන බවද රම පක්ෂයේ ප්රචාරක ලේකම් විජිත හේරත් මහතා සඳහන් කළේය.
අද (01දා) පැවති මාධ්‍ය සාකච්ඡාවකදී මේ බව සඳහන් කළ ප්රචාරක ලේකම්වරයා වැඩිදුරටත් පැවසුවේ සාමාන්‍ය‘යෙන් මන්ත්‍රීවරයෙකුගේ මාසික දීමනා හා වැටුප රුපියල් එක්ලක්ෂ හැටදහසක් බවය. ආණ්ඩුවේ මන්ත්‍රීවරුන්ට ප්‍රවාහන දීමනා, කාර්යාල දීමනා සමග රුපියල් හාරලක්ෂ හැටදහසකට ආසන්න මුදලක් ලැබෙන බවද පවසා සිටියේය.
මෙසේ තිබියදී අගමැතිවරයා මන්ත්‍රීවරුන්ගේ අමාරුකම ගැන කතා කරන බවත්, එසේ කතා කරමින් මන්ත්‍රීවරුන්ට අඩු පොලියට රුපියල් ලක්ෂ 100ක ණයක්ද යෝජනාකර තිබෙන බවද පවසා සිටියේය.
මීට අමතරව ආණ්ඩුවේ ඇමැතිවරුන්ට වාහන ගැනීම සඳහා රුපියල් කෝටි 79 ක පරිපූරක ඇස්තමේන්තුවක් ගෙනැවිත් තිබෙන බවත්, මන්ත්‍රීවරුන් 58 දෙනෙකුට වාහන ලබාදීම සඳහා එක් අයෙකුට මාසිකව රුපියල් ලක්ෂ 07 බැගින් වෙන්කරගෙන තිබෙන බවද ප්රචාරක ලේකම්වරයා සඳහන් කළේය.
මේ ආකාරයට කටයුතු කරන වර්තමාන ආණ්ඩුව ජනතා සහනාධාර කප්පාදු කරමින් රාජ්‍ය ආයතන පෞද්ගලීකරණය කරමින් සිටින බවද පවසා සිටියේය.