පාර්ලිමේන්තු මන්ත්රීවරුන් වෙත ලබාදීමට සාකච්ඡා කර තිබූ සියලු දීමනා ක්රියාත්මක නොකිරීමට පක්ෂ නායකයන් තීරණය කර තිබේ.
අද (23 දා) උදෑසන රැස්වූ පාර්ලිමේන්තුවේ පක්ෂ නායකයන් මෙම තීරණය ගෙන ඇති අතර, පාර්ලිමේන්තු මන්ත්රීවරුන් හත්දෙනෙකු සඳහා පමණක් රුපියල් 50,000 ක නිල නිවාස දීමනාවක් ලබාදීමටද එහිදී තීරණය වී තිබේ.