පසුගිය කාලයේදී ආණ්ඩුවට අරමුදල් නොමැති බව පවසමින් ජනතාව මත දැවැන්ත බරක් පටවා මන්ත්රීවරුන්ගේ දීමනා ඉහළ දැමීමට තීරණය කිරීම අතිශය අසාධාරණ බව පිවිතුරු හෙළ උරුමය සඳහන් කරයි.
මේ නිසා අදාළ යෝජනාව සම්බන්ධයෙන් ගන්නා ක්රියාමාර්ග පිළිබඳව අද (13දා) රාත්රියේ රැස්වෙන ඒකාබද්ධ විපක්ෂයේ විශේෂ රැස්වීමේදී සාකච්ඡා කර පොදු විපක්ෂයේ මතය හෙට (14දා) රටට හෙළි කරන බවද එම පක්ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත්රී නීතිඥ උදය ගම්මන්පිල මහතා සඳහන් කළේය.