අඟලවත්ත නගරයේදී ප්රාදේශීය සභා මන්ත්රීවරයෙක් දණ ගැස්සවීමේ සිද්ධියට අදාළව රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙන එක්සත් ජාතික පක්ෂ පාර්ලිමෙන්තු මන්ත්රී පාලිත තේවරප්පෙරුම මහතා නැවතත් බන්ධනාගාර ගත කළේය.
මන්ත්රීවරයාගේ අසනීප තත්ත්වය සලකා බැලීමටත් ඔහුට ඇප ඉල්ලීමටත් අදාළව ඔහු අධිකරණයට ඉදිරිපත් කළේය.
කෙසේ වෙතත් අසනීප තත්ත්වයට අදාළ වාර්තාව අධිකරණයට ඉදිරිපත් නොවුණි.
ඒ අනුව ඔහු නැවතත් බන්ධනාගාරගත විය. මන්ත්රීවරයා පෙබරවාරි 2දා දක්වා මීට ඉහතදී රක්ෂිත බන්ධානාග ගත කරනු ලැබීය.
එසේම මන්ත්රීවරයා එළැඹෙන (29දා) නැවත මතුගම උසාවියට ඉදිරිපත් කරන ලෙස කොළඹ ප්රධාන මහෙස්ත්රාත් ගිහාන් පිලපිටිය මහතා නියෝග කළේය.