මැතිවරණ දින රාත්‍රි‘යේ බලය ඇල්ලීමට කිසියම් කුමන්ත්‍රණයක් දියත්කළ බවට වන චෝදනා සම්බන්ධව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් හිටපු විදේශ කටයුතු අමාත්‍ය මහාචාර්ය ජී.එල්.පීරිස් මහතාගෙන් ප්‍රශ්න කළේය.
මේ පිළිබඳව අදහස් දැක්වූ පීරිස් මහතා කියා සිටියේ තමා එදින රාත්‍රි‘යේ අරලියගහ මන්දිරයේ ගතකළ ආකාරය පිළිබඳ අදාළ තොරතුරු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත ලබාදුන් බවයි.
මේ පිළිබඳව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කරනු ලැබුවේ වත්මන් විදේශ කටයුතු අමාත්‍ය මංගල සමරවීර මහතා විසිනි.