පාර්ලිමේන්තුව පැවැත්වෙන එක් දිනයකදී ලක්ෂ 56 ක වියදමක් දැරීමට සිදුවුවත්, බොහෝ මන්ත්රීවරුන් විවිධ අවස්ථාවල පාර්ලිමේන්තු කටයුතුවලට සහභාගී නොවන නිසා මහජන නියෝජිතයන්ගේ ප්රමාණය ඉහළ දැමීමට කථානායකවරයාට පැෆරල් සංවිධානය යෝජනාවක් ඉදිරිපත් කර තිබේ.
මේ අනුව මාසයක් තුළ, මාස 03 ක් තුළ, මාස 06 ක් තුළ හා වසරක් තුළ මහජන නියෝජිතයන් පාර්ලිමේන්තු සභාවාරවලට සහභාගී වී ඇති අවස්ථා ගණන ප්රසිද්ධ කරන ලෙස යෝජනාවක් වශයෙන් ඉදිරිපත් කර ඇත.
මෙම යෝජනාව ක්රියාත්මක කළහොත් ජනතාවට තමන් පත්කළ නියෝජිතයා ජනතාවගේ ප්රශ්නවලට කොතරම් මැදිහත්වී තිබෙන බවට ජනතාවට සොයාගත හැකි බවද එම සංවිධානය සඳහන් කළේය.