පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 24 දෙනෙකුගේ ආරක්ෂක නිලධාරීන්ගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රශ්න කොට ප්‍රකාශ සටහන් කරගෙන ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී මහන්දිනාන්ද අලුත්ගමගේ මහතා පාර්ලිමේන්තුවට අද ප්‍රකාශ කළේය.
මෙහිදී ඔහු සඳහන් කළේ රාජ්‍ය අමාත්‍ය අජිත් පෙරේරා මහතාගේ ආරක්ෂක නිලධාරීන්ගෙන්ද පොලීසිය ප්‍රශ්න කර ඇති බවයි. කෙසේ වෙතත් රාජ්‍ය අමාත්‍යවරයා ඒ බව ප්‍රතික්ෂේප කළේය.