මධ්‍යම පළාත් සභාවේ සභාපති මහින්ද අබේකෝන් මහතා හෙට (25දා) තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස මධ්‍යම පළාත් බද මහාධිකරණ විනිසුරුවරිය අද (24දා) නියෝග කළාය.
2001 වසරේ මැතිවරණ සමයේදී ගලහ ප්‍රදේශයේ ඡන්ද මධ්‍යස්ථානයකට ඇතුළු වී එහි නිලධාරීන්ට තර්ජනය කොට රාජකාරියට බාධා කරමින් හොර ඡන්ද දැමීමේ සිද්ධියකට අදාලව සභාපතිවරයා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලදී.