එක්සත් ජනතා නිදහස් සන්ධානයට බලය හිමි මධ්‍යම පළාත් සභාවේ පක්ෂ විපක්ෂ බහුතර මන්ත්‍රීවරුන් පිරිසක් මේ වනවිට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට සහය පළ කිරීමට ඉදිරිපත් වී සිටින බැවින් ඉදිරි දින කිහිපය ඇතුළතදී සන්ධානයෙන් බලය ගිලිහෙනු ඇතැයි එම පළාත් සභාවේ එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී අසාද් සාලි මහතා පැවසීය.
සන්ධානය සමග සිටි දෙමළ මුස්ලිම් මන්ත්‍රීවරුන් පිරිස මේ වන විට මෛත්‍රීපාල සිරිසේන මහතාට සහය පළ කිරීමට ඉදිරිපත්ව සිටින බවත්, පළාත් සභාවේ බලය අත්පත් කර ගැනීමට අදාළව රංජිත් අලුවිහාරේ මහතාගේ ප්‍රධානත්වයෙන් අද දින විශේෂ සාකච්ඡාවක් පැවැත්වෙන බවත් ඔහු කීය.