මධ්‍යම පළාත් සභාවේ අයවැය පස්වරැවේ ඒකමතිකව සම්මත වී තිබේ.
පසුගිය දෙසැම්බර් මස පළමු වැනිදා මධ්‍යම පළාත් ප්‍රධාන අමාත්‍ය මුදල් හා ක්‍රම සම්පාදන අමාත්‍ය සරත් ඒකනායක මහතා විසින් 2017 වර්ෂය සඳහා වු අයවැය පළාත් සභාවට ඉදිරිපත් කළේය. ඒ වෙනුවෙන් වූ ඡනද විමසුම පෙරේදා (09දා) පස්වරුවේ පැවැත්විණ.
මධ්‍යම පළාත් සභාවේ මුදල් අමාත්‍යවරයා ඉදිරිපත් කළ අයවැය සඳහා දෙපිලක් බෙදි ඡන්ද විමසීමක් අවශ්‍ය නැති බවත් යහපාලනයක් ක්‍රියාත්මක වන අවස්ථාවේදි එයට සහයෝගයක් වශයෙන් සම්මත කළ යුතු බවත් විපක්ෂ නායිකා රේනුකා හේරත් (එ.ඡා.ප) මහත්මිය යෝජනා කළේය.