දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේදී පුද්ගලයෙකුට පහරදීම සම්බන්ධ මධ්‍යම පළාත් සභ එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී තිස්ස බණ්ඩාර මහතා දඹුල්ල පොලීසියට අද (25දා) උදේ භාර වූ බව පොලිස් මුලස්ථානය සඳහන් කරයි.
මන්ත්‍රීවරයා විසින් දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේදී පුද්ගලයෙකුට පහරදී තිබෙන බවත්, ඒ පිළිබඳව ලැබුණු පැමිණිල්කට අනුව ඔහු අත්අඩංගුවට ගැනීමට සැලසුම් කිරීමේදී මන්ත්‍රීවරයා පොලීසියට භාර වූ බවද පොලිස් මුලස්ථාන නිලධාරියෙකු සඳහන් කළේය.