මධ්‍යම පළාතේ නව ආණ්ඩුකාරවරිය ලෙස නිලූකා ඒකනායක මහත්මිය පත්කොට තිබෙනවා. එහි හිටපු ආණ්ඩුකාර සුරංගනී එල්ලාවල මහත්මිය අභාවයට පත්වීමෙන් හිස්වූ තනතුරුයි නිලූකා ඒකනායක මහත්මිය පත්කොට ඇත්තේ. ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් මෙම පත්වීම සිදුකොට තිබෙනවා.
ලේක් හවුස් ආයතනයේ සුබසෙත පුවත්පතේ හිටපු උපදේශක කතෘවරියක් වන ඒ මහත්මිය මාධ්‍යෙව්දිනියක් ලෙස දීර්ඝ කලක් සේවය කර ඇති බවයි ජනපති මාධ්‍ය අංශය සඳහන් කළේ. ඇය පේරාදෙණිය විශ්වවිද්යංලයේ උපාධිධාරිනියක්ද වෙනවා.