ගතවූ දින කීපයතුල මධ්‍යම කඳුකරයට පැවති අධික සීතල කාළගුණ තත්වයට වඩා අද (16දා) උදෑසන එය සෙල්සියස් අංශක 4 දක්වා පහත බැස ඇති බව වතු අධිකාරීවරුන් සඳහන් කරයි.
මුහුදු මට්ටමේ සිට මීටර එක්දහස් හාරසීය අනූවක (1490) ඉහළ තිබෙන මස්කෙළිය අප්කට් වතුයායේ මෙම තත්ත්වය අද අළුයම තුනේ සිට උදෑසන හය දක්වා පැවති බව ඔවුහු පැවැසූහ.
මෙම සීතල දිගටම පැවතියහොත් දිවා කාලයේදී පවතින අධික වියලි කාළගුණ තත්වය හමුවේ තේ දල්ලට හා තේ ගසට බලපෑම් ඇතිවිය හැකි බවත් ඒ හරහා තේ ඵලදාවේ අඩුවීමක් ඇතිවිය හැකි බවත් වතු අධිකාරීවරුන් පෙන්වා දෙයි.
පවතින අවම කාළගුණය හමුවේ හැටන් හා කොටගල ප්‍රදේශයට මල්තුහින පතිතවී තිබුණි.