මධ්‍යම පළාත් අමාත්‍ය මාරදපාණ්ඩි රාමේෂ්වරන් හා මධ්‍යම පළාත් සභා මන්ත්‍රී පිලිප් කුමාර් යන මහත්වරුන්ට හැටන් දිසා විනිසුරු හා මහේස්ත්‍රාත් ටී.සරවනරාජා මහතා විසින් අද (25දා) වරෙන්තු නිකුත් කරන ලදී.
මස්කෙළිය ප්‍රාදේශීය සභාවට සභාපතිවරයෙකු තේරා පත්කර ගැනීමේදී ලංකා කම්කරු කොංග්‍රසය හා ජාතික කම්කරු පෙරමුණේ ආධාරකරුවන් පිරිසක් අතර ඇති වූ ගැටුමට සම්බන්ධව අධිකරණයට ඉදිරිපත් නොවීමේ චෝදනාව මත සැකකරුවන්ට මෙසේ වරෙන්තු නිකුත් කෙරුණි.
ගැටුමට සම්බන්ධ දෙපාර්ශ්වයේ 38දෙනෙකුට අද (25දා) හැටන් මහේස්ත්‍රාත් අධිකරණයේ පෙනී සිටින ලෙස අධිකරණය මගින් නිකුත් කළ නොතිසි අනුව මෙම සැකකරුවන් හැර ඉතිරි සියලු දෙනා අධිකරණය හමුවේ පෙනී සිටියහ.
මෙම නඩුව එළඹෙන අගෝස්තු (08දා)කැඳවීමට නියෝග කළේය.