මධ්‍යම පළාත් ප්‍රථම කාන්තා ආණ්ඩුකාර සුරංගනි එල්ලාවල මහත්මිය මහනුවර මහරෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී අද (14දා) අලුයම මියගිය බව මධ්‍යම පළාත් ආණ්ඩුකාර කාර්යාලය පවසයි.
මධ්‍යම පලාත් 9 වෙනි ආණ්ඩුකාර ලෙස මෛත්‍රිපාල සිරිසේන ඡනාධිපතිවරයා විසින් සුරංගනී එල්ලාවල මහත්මිය පත්කරනු ලැබුවේ 2015 වසරේ ජනවාරි මාසයේදීය.
මිය යන විට ඇය 76 වන වියේ පසුවූවාය. 1939 වසරේදි උපත ලැබු ඇය දේශපාලඥයෙකු වු නන්ද එල්ලාවල මහතාගේ බිරිදයි.1999 වසරේදි ක්‍රියාකාරි දේශපාලනයට ඈ යොමුවූවාය. 2001 වසරේදි මහමැතිවරණයට ඉදිරිපත්ව පාර්ලිමේන්තුව නියෝඡනය කිරිමටද ඇය සමත් විය.
ඇයගේ දේහය අද මධ්‍යම පළාත් සභා සංකිර්නයේ ඡනතා ගෞරවය සදහා තැන්පත් කර තිබෙන අතර සවස ඇයගේ රත්නපුර නිවසට ගෙන යෑමට නියමිතය.