මධ්‍යම අධිවේගී මාර්ගයේ තෙවැනි කොටසේ ඉදිකිරීම් සඳහා අදාළ වන ටෙන්ඩරය ජපානයේ ටයිසේ සමාගමට පිරිනැමීමට තීරණය කර ඇතැයි උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පැවසීය.
අද (20දා) පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව සඳහන් කළේය. ඒ අනුව එම සමාගමට අදාළ ටෙන්ඩරය පිරිනැමීම ලබන සතියේදී සිදුකරන බවද අමාත්‍යවරයා කියා සිටියේය.
ජනාධිපතිවරයාගේ නායකත්වයෙන් යුත් කැබිනට් මණ්ඩලය හා අග්‍රාමාත්‍යවරයාගේ නායකත්වයෙන් යුත් ආර්ථික මණ්ඩලය මේ සඳහා අවසරය ලබා දී ඇති බවද ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පැවසීය.
මධ්‍යම අධිවේගී මාර්ගයේ තෙවැනි අදියර පොතුහැර සිට ගලගෙදර දක්වා දිවෙන අතර, එය කිලෝමීටර් 32.5ක දුරකින් සමන්විතය.