මධ්‍යම අධිවේගයේ මීරගම සිට කුරුණෑගල දක්වා වන දෙවැනි කොටසේ ඉදිකිරීම් ආරම්භ කිරීම සඳහා අවධානය යොමුව තිබේ. කිලෝමීටර් 39.29ක දුරකින් යුක්තවූ මෙම අදියරේ ඉදිකිරීම් සිවිල් වැඩ කොන්ත්‍රාත් පැකේජ් 4කට බෙදා වෙන් කිරීමටනියමිතය.
ඒ සඳහා වන කොන්ත්‍රාත්තු සාකච්ඡා සම්මුති කමිටුවේ නිර්දේශ මත ප්රදානය කිරිමට නියමිතය. මහා මාර්ග හා උසස් අධ්‍යාපන අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවට අමාත්‍ය මණ්ඩලයේ අනුමැති ලැබී තිබේ.