මධ්‍යධරණී මුහුදේදී අනතුරට පත්ව සිටි නීති විරෝධී සංක්‍රමණිකයන් අතර ශ්‍රී ලංකා ජාතිකයන්ද සිටින බව රොයිටර් පුවත් සේවය සඳහන් කරයි. ලිබියාවට ආසන්න මධ්‍යධරණී මුහුදේදී නීති විරෝධී සංක්‍රමණිකයන් 480ක් රැගත් බෝට්ටු දෙකක් අනතුරට පත්වූ අතර එහි සිටි නීති විරෝධී සංක්‍රමණිකයන් බේරා ගැනීමට ස්පාඤ්ඤයේ රාජ්‍ය නොවන සංවිධානයක් කටයුතු කරනු ලැබීය.
එක් යාත්‍රාවක 200කට අධික පිරිසක් ගමන්කර ඇති අතර ඔවුන් මධ්‍යධරණී මුහුද හරහා යුරෝපයට ළඟා වීමට සැලසුම්කර තිබුණ බවද විදෙස් මාධ්‍ය තොරතුරු වාර්තා කළේය.
මෙම සංක්‍රමණිකයන් අද (03දා) ඉතාලියට ළඟා වීමට නියමිතව තිබුණ නමුත් එහි අවසන් ගමනාන්තය කුමක්ද යන්න වාර්තා නොවේ.
උතුරු හා මධ්‍යම අප්‍රිකාව, ශ්‍රී ලංකාව හා යේමනයට අයත් නීති විරෝධී සංක්‍රමණිකයන් මෙහි ගමන් කර ඇතිඅතර බේරා ගත් පිරිස අතර දින හතරක් පමණ වයසැති බිළින්දෙකුද වූ බව විදෙස් මාධ්‍ය තොරතුරු වාර්තා කරයි.