රජය රුපියල් මිලියන 250ක මුදලක් මදුරු මර්දන වැඩසටහන සහ ඩෙංගු මර්දන වැඩසටහන ශක්තිමත් කිරීමට ආයෝජනය කර තිබෙන බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් පාලිත මහීපාල මහතා පැවසීය.
ජාතික මදුරු මර්දන සතිය පිළිබඳ මාධ්‍ය දැනුවත් කිරීමින් හෙතෙම මේබව පැවසීය. මේ වනවිට ඩෙංගු රෝගීන් 19657ක් වාර්තා වී තිබෙන බවත් වසර 2014 රෝගීන්ගේ සංඛ්‍යාව 29722ක් බවද හෙතෙම පැවසීය වසර 2014 දී ඩෙංගු මරණ 71ක් වාර්තා වී ඇති අතර 2015 මේ වනවිට වාර්තා වී ඇත්තේ 36ක් පමණය. රජය සහ සෞඛ්‍ය අමාත්‍යංශය මදුරු මර්දනයට ප්‍රමුකතාව ලබාදී තිබෙන බවත් ඒ සඳහා රුපියල් මිලියන 250ක ආයෝජනයක් කර තිබෙන බවත් මහීපාල මහතා වැඩිදුරටත් පැවසීය