ජාතික මදුරු මර්දන සතියක් සැප්තැම්බර් 10 සිට 16 දක්වා රජය විසින් ප්‍රකාශයට පත්කර තිබේ. මෙම සතිය තුළ ජනාධිපති කාර්යසාධක බළකාය, ත්‍රිවිධ හමුදාව, සිවිල් ආරක්ෂක බළකාය හා සෞඛ්‍ය අමාත්‍යාංශය එක්ව දිවයින පුරා නිවාස ලක්ෂ 06ක් පරීක්ෂා කිරීමට සැලසුම් කර තිබේ.
මදුරු මර්දන සතිය තුළ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස 345 ක් ආවරණ වන පරිදි අධිඅවදානම්, අවදානම් හා අඩු අවදානම් වශයෙන් අදියර 3කින් පරීක්ෂා කිරීම් සිදුකරයි.
මේ යටතේ සැප්තැම්බර් 10 සිට 12 දක්වා අධිඅවදානම් සෞඛ්‍ය වෛද්‍ය කොට්ඨාස තුළ ඇති තෝරාගත් කලාපවල නිවාස පරිශ්‍ර, අධ්‍යාපනික ආයතන, පාසල්, ආගමික ස්ථාන, රාජ්‍ය හා පෞද්ගලික ආයතන පරීක්ෂා කෙරේ. සැප්තැම්බර් 13 පොදු ස්ථාන හා කාණු පද්ධතිද, සැප්තැම්බර් 14 සිට 16 දක්වා අනෙකුත් කලාපවල ඇති නිවාස, පාසල්, අධ්‍යාපන ආයතන, රාජ්‍ය හා පෞද්ගලික ආයතන, ඉදිකිරීම් පරිශ්‍ර, කර්මාන්ත ශාලා හා ආගමික ස්ථාන පරීක්ෂා කිරීමට කටයුතු යොදා තිබේ.
මෙම සතිය තුළ සියලුම පරිශ්‍ර පරීක්ෂා කිරීමේදී වසා තිබෙන හා නිවැසියන් නොමැති පරිශ්‍ර සඳහා කහපාට නිවේදනයක් ලබාදීමටත්, මදුරුවන් බෝවිය හැකි ස්ථානයක් පවතින පරිශ්‍ර සඳහා රතු නිවේදනයක් ලබාදීමටත් කටයුතු සිදුකෙරේ. එම පරිශ්‍ර පිරිසුදු කිරීමට දින කීපයක් ලබාදෙන අතර, එසේ සිදුනොකළ හොත් අනිවාර්යෙන්ම නීතිමය පියවර ගැනීමට කටයුතු කරනු ලබයි.