රාජ්‍ය පරිපාලන හා කළමනාකරණ අමාත්‍ය තනතුරේ වැඩ බැලිම සඳහා නියෝජ්‍ය අමාත්‍ය සුසන්ත පුංචිනිලමෙ මහතා පත් කර තිබේ. අමාත්‍ය රංජිත් මද්දුම බණ්ඩාර මහතා අද (27දා) විදෙස් සංචාරයකට එක්ව ඇති හෙයින් ඔහු යළි පැමිණෙන තෙක් නියෝජ්‍ය අමාත්‍ය සුසන්ත පුංචිනිලමෙ මහතා අමාත්‍ය තනතුරේ වැඩ බැලීමට ජනපතිවරයා විසින් පත්කර තිබේ.