මතුගම ඩිපෝවේ දේපළ අයථා පරිහරණයට මැකෝ තරවටු කරයි
මතුගම ඩිපෝවේ මහජන දේපළ අයථා පරිහරණය සම්බන්ධයෙන් කැෆේ සංවිධානය විසින් යොමු කළ පැමිණිල්ල සම්බන්ධයෙන් මැතිවරණ කොමසාරිස්වරයාගේ දැඩි අවධානය යොමුව තිබේ.
‘මතුගම ඩිපෝවේ බස්රථ 80න් 55ක නීති විරෝධී පෝස්ටර් සහ ස්ටිකර් අලවා ඇත්නම් මෙම ඩිපෝවේ කෙබඳු පාලනයක් පවතීද යන්න ප්රශ්ණයක් බවත්, මහජන දේපළ අයථා පරිහරණයට ඉඩදී තිබීම සම්බන්ධයෙන් ඔබ ඇතුළු ඊට අදාළ නිලධාරීන් වගකිව යුතු බවටත්’ කොමසාරිස්වරයා ලිපියක් මගින් මතුගම ඩිපෝ කළමනාකරුට අවධාරණය කර ඇති බව කැෆේ සංවිධානය පවසයි.
ශ්රී ලංකා ගමනාගමන මණ්ඩලයේ නිලධාරීන් සහ සේවකයන් අවස්ථා කිහිපයකදීම දේශපාලන හා මැතිවරණ කටයුතු සඳහා මහජන දේපළ යොදාගෙන ඇති බව කැෆේ සංවිධානය විසින් මීට පෙරද අවධාරණය කරන ලදී. මේ අතර, අද (31දා) මතුගම පැවැත්වෙන උත්සවයක් සඳහා ලංගම සේවකයන් යොදවා ගැනීමට ගත් උත්සාහය කැෆේ සංවිධානයේ මැදිහත්වීම මත අවසන් මොහොතේ ඉවත් කර ගනු ලැබූ බවද එම සංවිධානය පවසයි.
කෙසේ වෙතත්, මැතිවරණය ආරම්භයේදීම මහජන දේපළ අයථා පරිහරණය වැලැක්වීම සඳහා මැතිවරණ දෙපාර්තමේන්තුව ගෙන ඇති ක්රියාමාර්ග කෙරෙහි කැෆේ සංවිධානය සිය සතුට පළ කරයි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

