යුරෝපා සංගමයට අයත් රටවලට ශ්‍රී ලංකාවේ මත්ස්‍යයින් අපනයනය කිරීම සම්බන්ධයෙන් පනවා තිබූ රතු නිවේදනය ඉවත් කිරීමට යුරෝපා කොමිෂන් සභාව ගත් තීරණය පිළිබදව විදේශ කටයුතු අමාත්‍ය මංගල සමරවීර මහතා සිය ස්තූතිය පළ කරයි. මෙම රතු නිවේදනය ඉවත් කිරීම නිසා යුරෝපා සංගමයේ සාමාජික රටවල් 28 ට මත්ස්‍යයින් යළිත් අපනයනය කිරීමට ශ්‍රී ලංකාවට ඉඩ කඩ සැළසෙනු ඇති බවත් ශ්‍රී ලංකාවේ මත්ස්‍ය අපනයනයෙන් සියයට 68 ක් යුරෝපා සංගම් වෙළදපොළ වෙත අපනයනය කළ බවත් අමාත්‍යවරයා පවසයි.
එහි වටිනාකම ඩොලර් මිලියන 108 ක් වන අතර මෙමගින් ධීවරයින් දහස් ගණනකට සහ ඔවුන්ගේ පවුල් සදහා ජීවනෝපාය සලසෙන බවත් අමාත්‍යවරයා පැවසීය.
සහනය සම්බන්ධයෙන් යුරෝපා සංගමය සමග තවදුරටත් සමීපව කටයුතු කිරීමටත් ශ්‍රී ලංකාවේ සුලභ සමුද්‍රීය සම්පත් වලින් ප්‍රතිඵල ලබාගැනීමෙහිලා රජයේ ක්රමෝපායන් වලින් එකක් වන සමුද්‍රික සම්පත් තිරසාර ලෙස සංවර්ධනය කිරීමත් සදහා කටයුතු කිරීමටත් ශ්‍රී ලංකාව බලාපොරොත්තු වන බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය