යුරෝපා මත්ස්‍ය අපනයනයත් සමග මෙරට මත්ස්‍ය මිල ඉහළ යාම වළක්වා ගැනීම සඳහා වැඩිපුර මත්ස්‍ය අස්වැන්න ලැබෙන තාක්ෂණය රටට හඳුන්වාදෙන බව ධීවර හා ජලජ සම්පත් අමාත්‍ය මහින්ද අමරවීර මහතා සඳහන් කළේය.
මත්ස්‍ය අපනයනත් සමග මෙරට මත්ස්‍ය මිල සුළු ඉහළ යාමක් සිදුවිය හැකි බවත්, එහෙත් මෙරට ජනතාවට අඩු මිලට මාළු ලබාදීම සඳහා වැඩි අස්වැන්නක් අල්ලාගත හැකි තාක්ෂණය හඳුන්වාදීමට අමතරව මීරිදිය මත්ස්‍ය කර්මාන්තය දියුණු කිරීමටත් කටයුතු කරන බවත් ඔහු පවසා සිටියේය.