ශ්රී ලංකාවෙන් යුරෝපයට මසුන් අපනයනය කිරීමට එරෙහිව පනවා ඇති තහනම ඉවත් කරගැනීම පිණිස කඩිනමින් ක්රියාකරන බව ස්වදේශ කටයුතු සහ ධීවර ඇමති ජෝසප් මයිකල් පෙරේරා මහතා පැවසීය.
යාපනය නව නගර හා මන්දන්කර්නි ප්රා‘දේශීය ලේකම් කාර්යාල විවෘත කිරීමේ උත්සවයට සහභාගී වෙමින් ඇමතිවරයා මේ බව පැවසීය.
යටිතල පහසුකම් වැඩිදියුණු කර සැපයීම මගින් රටේ දළ ජාතිකනිෂ්පාදිතයට උතුරු පළාතේ ජනතාවගේ ඉහළ දායකත්වයක් ලබාගැනීමට කටයුතු කරන බව එහිදී ඇමතිවරයා අවධාරණය කළේය.