2017 වර්ෂයේදී මත්ස්‍ය අපනයනය හරහා ශ්‍රී ලංකාව විසින් උපයන ලද ආදායම රුපියල් බිලියන 15ක් ඉක්මවන බවට ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යාංශය සඳහන් කරයි.
අමාත්‍යාංශය පෙන්වා දෙන්නේ අපනයන ආදායමෙන් 44%ක ප්‍රතිශතයක් මුහුදු ආහාර අපනයනය මගින්උපයාගැනීමට හැකිව ඇති බවයි.
කෙසේවුවද, මත්ස්‍ය අස්වැන්නෙන් 40%ක ප්‍රමාණයක් දිනපතා පසු අස්වනු නාස්තියට ලක්වන බව පෙන්වා දෙන අමාත්‍යාංශය අවම වශයෙන් කරවලසඳහා හෝ යොදාගැනීමටඅදාළමසුන් සුදුසු මට්ටමක නොපවතින බවද සඳහන් කර සිටියි.