මත්විම සඳහා භාවිත කරන ඖෂධ පෙති තොගයක් සමග සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගත් බව නාවික හමුදාව පවසයි. නාවික හමුදා බුද්ධි ඒකකයට ලැබුණ තොරතුරකට අනුව මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර තිබේ. සැකකරුවන් සන්තකයේ තිබී පෙති 1000ක් සෙයාගෙන ඇති අතර ඒවා වේදනා නාශක පෙති බවද නාවික හමුදාව නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.