අද (29දා) උදෑසන සිට මාතර දිස්ත්රික්කයේ බොහෝ වෙළෙඳසැල්වල සිගරට් සහ ගෑස් හිඟයක් ඇති වී තිබෙන බව ජනතාව පවසති.
නව රජයේ අතුරු අයවැයෙන් සිගරට් මිල වැඩිවිය හැකි බවට ඇතිව තිබෙන සැකයක් නිසා වෙළෙඳුන් සිගරට් තොග සඟවා ඇති බවටද චෝදනා එල්ල වෙයි.
ඇතැම් වෙළෙඳසැල්වල සිගරට් එකක් රුපියල් 35-40 අතර මිලට විකිණෙන බවද පාරිභෝගිකයෝ පවසති.