කාන්තන්කුඩි පොලිස් වසමේ කල්අඩි ප්රදේශයේදී මත්පෙති ළඟ තබා ගෙන සිටි සැකකරුවන් තිදෙනෙකු පසුගිය (03දා) රාත්රියේ අත්අඩංගුවට ගෙන, ඊයේ (04දා) මඩකලපුව මහේස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙම මස (13දා) දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කර තිබේ.
මෙම සැකකරුවන් සන්තකයේ තිබී මත්පෙති 500ක් පොලිස් බාරයට ගෙන තිබේ.
අත්අඩංගුවට ගත් සැකකරුවන් චේවෙනි, ඔට්ටමාවඩි 01, ප්රදේශයේ පදිංචි අවුරුදු 23, 24 වයස්වල අය බව පොලීසිය සඳහන් කරයි.
සිදුවීම සම්බන්දයෙන් කාන්තන්කුඩි පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.