පසුගිය ආණ්ඩුව 'මතට තිත' සංකල්පය හඳුන්වා දී 2006 වසරේදී මත්පැන් හා දුම්කොළ සඳහා වූ ජාතික අධිකාරියක් පිහිටුවීමට කටයුතු කළද, එමගින් අපේක්ෂිත ප්‍රතිඵල අත්නොවූ බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කරයි.
මතට තිත තබන්නට පසුගිය ආණ්ඩුව ජනතාවට පොරොන්දු වුවත්, සිගරට් පැකට්ටුව මත 80෴ ක රූපමය අවවාද සටහන් කර ගැනීමට පවා හැකි වූයේ දැඩි අරගල කිරීමකින් බවත් ඊයේ (31දා) යෙදී තිබූ ලෝක දුම්වැටි විරෝධී දිනය වෙනුවෙන් පණිවුඩයක් නිකුත් කරමින් සඳහන් කර සිටියේය.
දුම්වැටි භාවිතය අවම කිරීම සඳහා දේශපාලන, සමාජමය මැදිහත්වීම අත්‍යවශ්‍ය වුවත්, වඩා වැදගත් වනුයේ එහි ආදීනව වටහා ගෙන පෞද්ගලිකව තමන් විසින්ම තම ඇබ්බැහි වීමෙන් මිදීමට කටයුතු කිරීම බවද අග්‍රාමාත්‍යවරයා සඳහන් කරයි.
දරුවන් වෙනුවෙන් පොතක්පතක් ගන්නට, ආහාරවේලක් සරිකරන්නට, පවුල වෙනුවෙන්, සමාජය වෙනුවෙන් තමා සතු මෙහෙවර ඉටුකරන්නට ශක්තිමත්ව පවත්වා ගත යුතු ශාරීරක, මානසික, ආර්ථික ශක්ති ප්‍රමාණය දුම්වැටියට අළු දූවිලි වී යන්නට ඉඩ නොතබන ලෙසද එම නිවේදනය මගින් ජනතාවගෙන් ඉල්ලා සිටී.