සිය විවාහ මංගල උත්සවයේදී මත්පැන් ඇතුළු අමතර කටයුතුවලට යන මුදල්වලින් තම ගමට සහ ඉගෙන ගත් පාසලට පොදු සේවාවන් රැසක් ඉටුකර, විවාහ උත්සව දිනයේදීම ඒවා විවෘත කර ජනතා අයිතියට පැවරූ අපූරු මංගල්‍යයක් ඊයේ (12දා) අහුන්ගල්ල, කටුවිල ප්‍රදේශයේ දක්නට ලැබිණි.
අහුන්ගල්ල, කටුවිල පදිංචි මංජුල ප්‍රදීප් පිටියගේ සහ මහේන්ද්‍රා මාධවී යන නව යුවළ සිය නිවසට පැමිණෙන විට සංඝරත්නයේ ආශීර්වාද මැද දෙපාර්ශ්වයේ ඥාතීන්ගේ සහභාගිත්වයෙන් මෙම සත්කාර්යයන් විවෘත කෙරිණි. අහුන්ගල්ල කටුවිල කනිටු විදුහලට අඩුපාඩුවක්ව පැවැති ක්‍රීඩාපිටියක් සකස් කිරීම, ඒ සඳහා ක්‍රීඩා මණ්ඩපයක් ඉදිකිරීම, කටුවිල ජනතාව වෙනුවෙන් බස් මගී ආවරණයක් ඉදි කිරීම මේ යටතේ සිදුකර තිබිණි.
(අහුන්ගල්ල - තමිදු මධුසර ලියනගේ)