මත්ද්‍රව්‍ය නිවාරණය පිළිබදව වගකීම් නිසි ලෙස ඉටු කරනවා
රටේත්, ජාතියේත් අනාගතය තීරණය කෙරෙන මත්ද්‍රව්‍ය උවදුරෙන් රට බේරා ගැනීමට රජය ගෙන යන වැඩපිළිවෙලේදී තමන් වෙත පැවරී ඇති වගකීම් නිසි ලෙස ඉටු කිරීමට සියලූ අමාත්‍යාංශ සහ ආයතන කැපවිය යුතු බව ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසීය. මත්ද්‍රව්‍ය නිවාරණ ජාතික වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීමේදී මතුව ඇති ගැටලූ පිළිබද සාකච්ඡා කිරීමට අද (31) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති විශේෂ සාකච්ඡාවකට එක්වෙමින් ජනාධිපතිතුමා මේ බව ප්‍රකාශ කළේය. මත්ද්‍රව්‍ය නිවාරණ වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරිමේදී ඒ ඒ අමාත්‍යාංශ සහ ආයතන මුහුණ දී ඇති ගැටලූ, නව යෝජනා සහ අඩු පාඩු පිළිබද වාර්තාවක් තමා වෙත ලැබීමට සළස්වන ලෙසද මෙහිදී ජනාධිපතිවරයා උපදෙස් දුන්නේය. මත්ද්‍රව්‍ය රටතුළට ගෙන්වීම පිළිබද වැටලීම්වලදී පැන නැගී ඇති නීතිමය ගැටලූ පිළිබදවද මෙහිදී අවධානය යොමු කෙරිණි. ජනාධිපති ලේකම් පී.බී. අබේකෝන් මහතා ඇතුථ අමාත්‍යාංශ ලේකම්වරුන්ද. ත්‍රිවිධ හමුදාපතිවරුන්, පොලිස්පතිතුමා ඇතුථ ආරක්ෂක අංශ සාමාජිකයින් ඇතුථ පිරිසක් සාකච්ඡාවට එක්ව සිටියහ.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
