‘මතින් නිදහස් රටක්‘ ජාතික මත්ද්‍රව්‍ය නිවාරණ වැඩපිළිවෙළ යටතේ අගෝස්තු 08 වැනි දා දක්වා මහජන පැමිණිලි ලබා ගැනීම සඳහා විශේෂ දූරකතන අංක හඳුන්වා දී තිබෙන බව ජනාධිපති ලේකම් කාර්යාලය සඳහන් කරයි. මෙම පැමිණිලි දිනපතා පෙරවරු 8.30 සිට පස්වරු 10.00 දක්වා අදාළ පැමිණිලි ඉදිරිපත් කිරීමට කටයුතු කර තිබෙන බව ලේකම් කාර්යාලය පෙන්වා දෙයි. ඒ අනුව එම පැමිණිලි ජනාධිපති කාර්යාලයේ 0114386840, 0112354561, ( [email protected]) සහ පොලිස් දෙපාර්තමේන්තුවේ 0113024825, 0112333496 ([email protected]) සහ සුරාබදු දෙපාර්තමේන්තුවේ 0112300906, 0112300906 දූරකතන හා ෆැක්ස්, ඊ මේල් ඔස්සේ යොමු කළ හැකි බව ලේකම් කාර්යාලය වැඩිදුරටත් සඳහන් කරයි. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ උපදෙස් මත මෙම වැඩපිළිවෙල ක්‍රියාත්මකවේ