සාගර කළාපයේ සිදුවන නොයෙකුත් අපරාධ හා මත්ද්‍රව්‍ය ප්‍රවාහනය ආදී ක්‍රියාකාරකම් වලක්වා ගැනීම සම්බන්ධයෙන් දැඩි පියවර ගන්නා බව ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මහතා පැවසීය.
එක්සත් ජාතින්ගේ මත්ද්‍රව්‍ය හා අපරාධ පිළිබද කාර්යාලයේ ගෝලීය සාගර අපරාධ වැලැක්වීමේ වැඩසටහනේ ප්‍රධානී ඇලන් කෝල් මහතා ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මහතා හමුවූ අවස්ථාවේදී සාගර කළාපයේ පවතින නොයෙකුත් ගැටළු සම්බන්ධව සාකච්ඡාවක නිරතවුණි.
එම හමුවේදී ඇලන් කෝල් මහතා සමඟ අදහස් හුවමාරු කර ගත් අමාත්‍යවරයා කියා සිටියේ දූපත් රාජ්‍යයක් වන ශ්‍රී ලංකාව මත්ද්‍රව්‍ය ප්‍රවාහනය සහ වෙනත් අකටයුතුකම් සාගරය ඔස්සේ සිදුවීම වැළැක්වීමට විධිමත් වැඩපිළිවෙලක් මේ වන විට ක්‍රියාත්මක වන බවයි. ශ්‍රී ලංකා නාවික හමුදාව හැමවිටම මේ පිළිබඳව අවධානයෙන් පසුවන බවත්, යම් යම් සම්පත් හිඟතාවයන් පැවතියද ගතවූ කාලය තුල විශිෂ්ඨ සේවාවක් සිදුකිරීමට සමත්වූ බවත් අමාත්‍යවරයා මෙහිදී පැවසීය.
පසුගිය කාලය තුල විශාල ප්‍රමාණයේ මත්කුඩු සහ මත්ද්‍රව්‍ය සාගරය ඔස්සේ සිදුවූ ජාවාරම් හෙළිකර ගැනීමට සහ විශාල වශයෙන් ඒවා අත්අඩංගුවට ගැනීමට හැකිවී ඇති බව ඒ මහතා සඳහන් කළේය. තවදුරටත් ඒවා මැඩ පැවැත්වීම සඳහා අදාල ක්‍රියාමාර්ග ගෙන ඇතැයි අමාත්‍යවරයා මෙහෙදී පැවසීය. ඒ සම්බන්ධයෙන් එක්සත් ජාතින්ගේ මත්ද්‍රව්‍ය හා අපරාධ පිළිබද කාර්යාලයේ ගෝලීය සාගර අපරාධ වැලැක්වීමේ වැඩසටහනේ ප්‍රධානී ඇලන් කෝල් මහතා ශ්‍රී ලංකා රජයට ප්‍රසංශාව පලකළේය.