බන්ධනාගාර ගතවූවන්ගෙන් 65% ක් පමණම මත්ද්‍රව්‍ය සම්බන්ධ සිදුවීම් හේතුවෙන් බන්ධනාගාරගත වී ඇති බවත්, මත්ද්‍රව්‍ය ජාවාරම මෙහෙවන්නන් සිටින්නේ බන්ධනාගාර තුළ බවත්, අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලයේ සභාපති වෛද්යනිලංග සමරසිංහමහතා පැවසීය.
මත්ද්‍රව්‍ය සඳහා ලැබෙන දේශපාලන අනුග්‍රහය අඩුවීම හේතුවෙන් මේ වනවිට මත්ද්‍රව්‍ය මර්දනය කිරීමට හැකිවී තිබෙන බවද ඉදිරියේදී සියලු ආයතන එක්කර මත්ද්‍රව්‍ය මෙහෙයුම් කාර්යාලයක් ඇති කිරීමට කටයුතු කරන බවද හෙතෙම පැවසුවේ අද පැවති මාධ්‍ය හමුවකදීය.