ශ්‍රී ලංකාවට මත්ද්‍රව්‍ය ගලා එන සැපයුම් මාර්ග පාලනයට එක්සත් ජනපද ආරක්ෂක අංශවල සහාය වැදගත් බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.
ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත ඇමෙරිකානු කොංග්රස් කමිටු නියෝජිතයන් සමග අද (30දා) පැවැති සාකච්ඡාවකදී ජනාධිපතිවරයා මේ බව පැවසීය.
මත්ද්‍රව්‍ය ප්‍රවාහනය වැළැක්වීම වෙනුවෙන් ශ්‍රී ලංකාවට සහාය දැක්වීමට ඔවුන් කැමැත්ත පළකළ බවද ජනාධිපති මාධ්‍ය අංශ සඳහන් කළේය.
එසේම දෙරට අතර ආරක්ෂාව සහ ආරක්ෂක හමුදා සහයෝගිතාව වඩා ශක්තිමත් කර ගැනීම වෙනුවෙන් ගත හැකි නව පියවර පිළිබඳ සොයාබැලීම තම ශ්‍රී ලංකා සංචාරයේ අරමුණ බවදකොංග්රස් මණ්ඩල සාමාජිකයන් පවසා ඇත.