මත්ද්‍රව්‍ය සහ සංවිධානාත්මක අපරධකරුවන් පිළිබඳ ජනතාවට තොරතුරු ලබාදීම සඳහා නව දුරකථන අංක 03ක්, ෆැක්ස් අංක 02ක් සහ නව විද්‍යුත් ලිපින 02ක් පොලිස් මූලස්ථානය විසින් හඳුන්වා දී ඇත.
මෙම දුරකථන අංක, විද්‍යුත් ලිපින සහ ෆැක්ස් අංක හරහා පැය 24 පුරාම ජනතාවට තොරතුරු ලබාදිය හැකි බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා සඳහන් කළේය.
තොරතුරු ලබාදෙන සියලු දෙනාගේ අනන්‍යතාව හා රහසිගතභාවය පූර්ණ වශයෙන් සුරක්ෂිත කරන බවද ඔහු පවසා සිටියේය.
මීට අමතරව නිවැරදි තොරතුරු ලබාදෙන පුද්ගලයන්ට මුදල්මය ත්‍යාග පිරිනැමීමට කටයුතු කරන බවද හෙතෙම පවසා සිටියේය.
ඒ අනුව
0112580518, 0112 058552, 0112081040 නව දුරකථන අංක වන අතර,0112081044, 0112588499නව ෆැක්ස් අංක වෙයි. එමෙන්ම නව විද්‍යුත් ලිපිනයන් ලෙසctrcolombo@gmail.com, Stfhqopsroom@gmail.comයන ඒවා භාවිත වෙයි.
මෙම තොරතුරු ලබාගැනීම විශේෂ කාර්ය බළකා මූලස්ථානයෙන් ස්ථාපිත කර තිබෙන විශේෂ මෙහෙයුම් මැදිරියක් හරහා සිදුකරනු ලබයි.