ශ්‍රී ලංකාවේ මත්ද්‍රව්‍ය ජාවාරම මැඩලීම සඳහා එක්සත් ජාතින්ගේ සංවිධානයේ සහාය ඉල්ලීමට විදේශ කටයුතු අමාත්‍යාංශය කටයුතු කර තිබේ. එක්සත් ජාතීන්ගේ මත්ද්‍රව්‍ය හා අපරාධ පිළිබඳ කාර්යාංශයේ දකුණු ආසියානු කලාපීය නියෝජිත සර්ජි කැපිනෝස් මහතා හා විදේශ කටයුතු අමාත්‍යවරයා අතර අද (07දා) පැවැති සාකච්ඡාවේදී අමාත්‍යවරයා මේ බව පැවැසීය.
එක්සත් ජාතීන්ගේ මත්ද්‍රව්‍ය හා අපරාධ පිළිබඳ කාර්යාංශය විසින් ඉන්දියන් සාගරයේ හෙරොයින් ජාවාරම මැඩපැවැත්වීම පිණිස ක්‍රියාත්මක කරන ලද දක්ෂිණ මාර්ගික හවුල්කාරීත්ව වැඩසටහනට සමාන වැඩසටහනක් ශ්‍රී ලංකාවේද ක්‍රියාත්මක කරන ලෙස අමාත්‍යවරයා මෙහිදී ඉල්ලා සිටියේය.
ශ්‍රී ලංකාව ඉන්දියන් සාගරයේ පිහිටා ඇති සුවිශේෂි පිහිටීම ශ්‍රී ලංකාව මත්ද්‍රව්‍ය ජාවාරමේ සංක්‍රාන්තික ස්ථානයක් ලෙස භාවිතා කිරීමේ අවධානමක් පවතින බවද විදේශ අමාත්‍ය සමරවීර මහතා මෙම හමුවේදී සඳහන් කළේය.