ඉන්දියානු සාගර කලාපයේ රටවල් මුහුණදී සිටින බරපතළ අභියෝගයක් වන නීති විරෝධී මත්ද්‍රව්‍ය ජාවාරම මැඩලීම සඳහා කලාපයේ සියලු රටවල් පොදු එකඟතාවයකට එළැඹිය යුතු බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.
ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේ අද (07දා) පෙරවරුවේ ඉන්දුනීසියාවේ ජකර්තා නුවරදී ඇරඹුණු ඉන්දියානු සාගර කලාපීය රටවල රාජ්‍ය නායකයින්ගේ සමුළුව අමතමිනි.
මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් බොහෝ විට සාගර නාවික මාර්ග උපයෝගී කර ගන්නා බවත් එක් එක් රටවල ආධිපත්‍යයෙන් පිටත ජාත්‍යන්තර සාගර කලාපයේ දී ජාවාරම්කරුවන්ට එරෙහිව නීතිය කි‍්‍රයාත්මක කිරීම සඳහා නිසි ක්‍රමවේදයක් නොමැතිකම බරපතළ ගැටලුවක් බද ජනපතිවරයා මෙහිදී පෙන්වා දුන්නේය. එසේම ඒ සඳහා විසඳුම් සෙවීමේ නිසි ක්‍රමවේදයක් සැකසීමට ඉන්දියානු සාගර කලාපීය රටවල සංවිධානයේ කඩිනම් අවධානය යොමු විය යුතු බවට ද යෝජනා කළේය.
නීති විරෝධී මත්ද්‍රව්‍ය ජාවාරම කර්මාන්තයක් තරමටම පැතිර තිබීම පිළිබඳ කලාපයේ සියලු රාජ්‍ය නායකයින්ගේ අවධානය යොමු විය යුතු බව ප්‍රකාශ කළ ජනාධිපතිවරයා කලාපයේ මත්ද්‍රව්‍ය ජාවාරම මැඩලීමට විවිධ වැඩපිළිවෙළ කි‍්‍රයාත්මක වූ නමුත් එයින් සෑහීමකට පත්විය හැකි තරම් ප්‍රතිඵල ලැබී නොමැති බව ද පෙන්වා දුන්නේය.
ඉන්දියානු සාගර කලාපය යාබද රටවලට ආර්ථික වශයෙන් ප්රතිලාභ ගෙන දෙන නමුත් නෞකා ගමනා ගමනයේදී එල්ලවන ත්‍රස්තවාදී කි‍්‍රයා, මංකොල්ලකෑම් වැනි අපරාධ පිළිබඳ කලාපයේ සියලු රාජ්‍ය නායකයින්ගේ අවධානය යොමුවීමේ වැදගත්කම ද මෙහිදී ජනපතිවරයා පෙන්වා දුන්නේය.
ඉන්දියානු සාගර කලාපයේ සම්පත් මාවතේ වැදගත් ස්ථානයක පිහිටි ශී‍්‍ර ලංකාවේ පිහිටීම රටේ වෙළෙඳ, සංචාරක, ප්‍රවාහන ආදි විවිධ ක්ෂේත්රවල උපරිම ප්‍රයෝජන ලබාගත හැකි පරිදි භාවිතා කිරීම වත්මන් රජයේ අරමුණ බව ද ජනාධිපතිවරමා සඳහන් කළේය.
ඉන්දියානු සාගර කලාපය සීඝ්රයෙන් වර්ධනය වන කලාපයක් බවත් එහිදී මතුවන ප්‍රශ්න සහ අභියෝගවලට මුහුණදිය යුතු ආකාරය පිළිබඳ කඩිනම් සංවාදයක් ඇරඹීමට මෙම සමුළුව ඉතා උචිත ස්ථානයක් බව ද ජනාධිපතිවරයා පැවැසීය.
ඉන්දියානු සාගර කලාපීය රාජ්‍ය නායක සමුළුව අද (07) පෙරවරුවේ ඉන්දුනීසියාවේ ජකර්තා නුවර දී ආරම්භවිය.
සජමුළුව පැවැත්වෙන ජකර්තා නුවර සම්මන්ත්රණ ශාලාව වෙත පැමිණි ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා ඉන්දුනීසියා ජනාධිපති ජෝකෝ විඩඩෝ මහතා විසින් ඉතා උණුසුම් ලෙස පිළිගනු ලැබීය.
ඉන්දියානු සාගරය සාමකාමී, ස්ථාවර හා සෞභාග්‍යවත් කලාපයක් බවට පත්කිරීම සඳහා සමුද්‍රීය සහයෝගීතාවය ශක්තිමත් කිරීමේ සම්මුතියට ද මෙහිදී ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා ප්රමුඛව සමුළුට එක්ව සිටි රාජ්‍ය නායකයින් අත්සන් තැබීය.
මෙවර සමුළුවේ තේමාව වන්නේ “සාමකාමී, තිරසාර හා සමෘද්ධිමත් ඉන්දීය සාගරයක් සඳහා සමුද්‍රිය සහයෝගීතාව ශක්තිමත් කිරීම” යන්නයි.
මේ අතර සමුළුට එක්ව සිටි රාජ්‍ය නායකයන් හා ඊයේ දිනයේදී ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා ද්විපාර්ශ්වීය සාකච්චා සඳහාද එක්විණි. බංග්ලාදේශ අගමැතිනි ෂෙයික් හසීනා, ඕස්ට්‍රේලියානු අගමැති මැල්කම් ටර්න්බුල්, දකුණු අප්‍රිකානු ජනාධිපති ජැකොබ් සූමා සහ ඉන්දියාවේ උප ජනාධිපති මොහොමඩ් හමීඩ් අන්සාරි යන මහත්ම මහත්මීන් සමග මෙසේ ද්විපාර්ශ්වීය සාකච්ඡා පැවැත්විණ.