මත්ද්‍රව්‍ය සම්බන්ධ වැරදි හේතුවෙන් පසුගිය වසර පහ තුළ පාසල් ශිෂ්‍යයන් 551 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇතැයි ඊයේ (23දා) පාර්ලිමේන්තුවේදී හෙළි විය.
පාර්ලිමේන්තු මන්ත්‍රී බුද්ධික පතිරණ මහතා වාචික පිළිතුරු අපේක්ෂාවෙන් යොමුකළ ප්‍රශ්නයකදී ඊයේ (23දා) මේ බව අනාවරණය විය.
එලෙස අත්අඩංගුවට ගත් සිසුන් මාස තුනක මනෝ විද්‍යාත්මක චිකිත්සාවක් සඳහා මහනුවර ප්‍ර‘දේශයේ ප්‍රතිකාර මධ්‍යස්ථානයකට යොමුකරන බව නීතිය හා සාමය පිළිබඳ අමාත්‍ය සාගල රත්නායක මහතා පාර්ලිමේන්තුවට පැවසීය.
එමෙන්ම ප්‍රජා පොලීසි මගින් පාසල් දරුවන් මත්ද්‍රව්‍ය ජාවාරමේ යෙදවීම නතර කිරීමට අදාළ වැඩසටහන් ක්‍රියාත්මක කරන බවද අමාත්‍යවරයා කීය.