මත්තල ගුවන්තොටුපොළින් ඩුබායි බලා යාමට පැමිණි වැලිගම ප්රදේශයේ 35 හැවැරිදි පුද්ගලයෙකු සන්තකයේ තිබී රුපියල් මිලියන 65ක් පමණ වන විදෙස් මුදල් තොගයක් අත්අඩංගුවට ගැනීමට මත්තල රේගුව සමත්ව තිබේ.
අද (16දා) පෙරවරුවේ ඩුබායි බලා යාමට පැමිණි FZ 551 දරණ ගුවන්යානයෙන් සැකකරු ඩුබායි බලා යාමට නියමිතව තිබුණි. අත්අඩංගුවට ගත් සැකකරු සන්තකයේ තිබී යුරෝ, ඇමෙරිකානු ඩොලර්, ස්ටර්ලින් පවුම්, රියාල් හා ඩිනාර් අතුළු තවත් රටවල් කිහිපයක විදෙස් මුදල් තොගයක් අත්අඩංගුවට ගෙන තිබේ.