මත්තල ගුවන්තොටුපොළේ ගබඩාවක වී ගබඩා කිරීමට ගෙන ඇති ක්‍රියාමාර්ගය පිළිබඳව පාර්ලිමේන්තුවේදී උණුසුම් තත්ත්වයක් ඇතිවිය.
විපක්ෂය මත්තල වී ගබඩා කිරීමට ගත් ක්‍රියාමාර්ගයත්, වී අස්වැන්න පිළිබඳවත් විවාදයක් ඉල්ලුවේය.
අගමැතිවරයා සඳහන් කළේ මත්තල වී ගබඩා කිරීමට ගත් ක්‍රියාමාර්ගයත්, මත්තල ගුවන්තොටුපොළ ගැනත් විවාද දෙකක් ලබා දිය හැකිබවයි.
මේ අතර ජාතික ආණ්ඩුවේ අමාත්‍යධුර සංඛ්‍යාව පිළිබඳවද පාර්ලිමේන්තුවේ උණුසුම් තත්ත්වයක් ඇතිවිය.
එහි මන්ත්‍රීධුර ප්‍රමාණය ගැන කතානායකවරයා අද අවසන් තීන්දුවක් ලබා දීමට නියමිතය.