ADA
www.ada.lk
2025 ජුලි මස 01 වන අඟහරුවාදා
මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපොළෙහි ගබඩාවක් වී ගබඩාවක් කිරීමට රජය ගෙන ඇති ක්‍රියාපිළිවෙත ජාතික අපරාධයක් බව එහි සේවකයෝ සහ ප්‍රදේශයේ ජනතාවද පවසති.
මත්තල රාජපක්ෂ ගුවන් තොටුපළ පරිශ්‍රයෙහි ඇති රුපියල් කෝටි 20කට අධික එක්ස්රේ ස්කෑනින් යන්ත්‍ර, අධිතාක්ෂණික ගිනි සංවේදිත උපකරණ, රුපියල් කෝටි 5 කට අධික වයුසමීකරණ යන්ත්‍ර, අධිශීතකරණ කාමර සහිත රුපියල් කෝටි 200 කට අධික ගොඩනැගිල්ල වී ගබඩා කිරීම සඳහා යොදාගැනීම රටේ ආර්ථිකයෙන් හා සම්පත්වලින් පළිගැනීමක් බව ඔවුහු පෙන්වා දෙති.
මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපළේ කාගෝ ගබඩාවේ වී ගබඩා කිරීම සම්බන්ධයෙන් වී අලෙවි මණ්ඩලයේ සභාපතිවරයාගේ අත්සනින් යුතු ලිපියක්ද මත්තල ගුවන් තොටුපළට ඒවා ඇති අතර, කාගෝ ගබඩාවේ වී ගබඩා කිරීම සඳහා සොයාබැලීමට නිලධාරීන් පිරිසක්ද පැමිණ ඇත. එහිදී එම පිරිස ගබඩාවේ ඇති සංවේදී උපකරණ ගලවා ඉවත්කරන ලෙස ගුවන්තොටුපළ නිලධාරීන් දැනුවත් කර තිබේ.
හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ පාලන කාලය තුළ 2009 නොවැම්බර් මස 27 වැනි දින මත්තල ගුවන්තොටුපළ ඉදිකිරීමට මුල්ගල තැබූ අතර, 2013 වර්ෂයේ මාර්තු මස 18 වනදා එය විවෘත කෙරිණි. ගුවන්තොටුපළ වර්ගීකරණයට (A To Z) අනුව මත්තල ගුවන් තොටුපළ අයත්වන්නේ F කාණ්ඩයට වන අතර, කටුනායක ගුවන්තොටුපළ අයත්වන්නේ C කාණ්ඩයට වේ. A 380 වර්ගයේ ගුවන්යානාවක් පහසුවෙන් ගොඩබැස්සවීමේ ගුවන් පථයකින්ද මත්තල ගුවන් තොටුපළ සමන්විත වේ.
කටුනායක ගුවන් තොටුපළ තුළ හටගන්නා විවිධ කාලගුණික හා තාක්ෂණික බාධාවලදී කටුනායකට පැමිණෙන ගුවන්යානා සඳහා මැස්ද්රස්හි ගුවන් තොටුපළ භාවිත කරයි. නමුත් පසුව මත්තල ගුවන් තොටුපළට ඒ සඳහා අවස්ථාව ලැබුණි.
popular news
කාන්තන්කුඩි රට ඉඳි අස්වැන්න නෙලීම අරඹයි
ඊශ්‍රායලයෙන් ඉරාන බන්ධනාගාරයකට ප්‍රහාරයක් - 71ක් මරුට
’ගැහුවොත් ගහනවා’ කමේනි පළමුවරට ජනතාව අමතමින් පවසයි
මාබල් බීච් වෙරළේ ගුවන් හමුදාවේ වැට ඉවත් කරයි
එයාර් ඉන්දියා ගුවන් අනතුරේ කළු පෙට්ටියේ දත්ත සොයා ගනියි
ඇමති සමන්ත ශ්‍රමදානයකදී මේසන් වැඩ කරයි
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd